ඩැනියල්ගේ සටන්කාමී 140 අපතේ යවමින් ඇෆ්ඝනිස්තානයට පැරදුණු ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට

Date:

නායක ශෙවෝන් ඩැනියල් වාර්තා කළ ලකුණු 140 අපතේ යවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය හමුවේ ලකුණු 4 ක තියුණු පරාජයත් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සිදු වුණා. එම පරාජයත් සමග තරගාවලි‌යේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ද ශ්‍රී ලංකාවට සිදු වුණා.

අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 324 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 319 ක් පමණයි.

පන්දු 115 කින් වාර්තා වූ ඩැනියල්ගේ ඉනිමට ‌හයේ පහර 6 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්. දිනුර කලුපහන ලකුණු 47 යි.

පන්දු යැවීමේ දී බෂීර් අහ්මඩ් ලකුණු 54 කට කඩුලු 7ක් දවා ගැනීම කැපී පෙනුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 50 තුළ ලකුණු 323 ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

නූමන් ශාහ් ලකුණු 116 ක් රැස් කළ අතර, සොහිල් ඛාන් හා හරූන් ඛාන් අර්ධ ශතක වාර්තා කරමින් ඇෆ්ඝනිස්තාන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී දිනුර කලුපහන, විශ්ව ලහිරු හා විශ්ව රාජපක්ෂ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල මේ වන විට අවසන් වී ඇති අතර, ඇෆ්ඝනිස්තානය තරග 4කින් තරග 3ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, තරග 4 න් තරග 2 ක් ජය ගත් බංග්ලාදේශය දෙවැනි ස්ථානය දිනා ගත්තා.

ඒ් අනුව තරග 4 න් එක් තරගයක් පමණක් ජය ගත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...