වනිදුට පළමු තැන අහිමි වෙයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(29) නිවේදනය කළා.

ඊට අනුව 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් එහි පෙරමුණේ පසු වූ ශ්‍රී ලංකාවේ වනිදු හසරංග දෙවැනි ස්ථානයට ඇදදමමින්. රෂීඩ් ඛාන්ට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 710 ක් හිමිව ඇති අතර, වනිදු හසරංගට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 695 ක්.

රෂීඩ් ඛාන් 20යි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානය ප්‍රථම වරට හිමි කර ගත්තේ 2018 වසරේ දී යි.

පාකිස්තානයට එරෙහිව පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමත් සමග එම තරගාවලියේ දී ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව ෆසල්හක් ෆරූකි පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. ඇෆ්ඝනිස්තානයේ මුජිබ් උර් රහ්මාන් 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, කොදෙව් දූපත්හි අල්සාරි ජෝසප් 33 වැනි ස්ථානය දක්වා ස්ථාන 17 කින් ඉදිරියට පැමිණ ඇති අතර, කොදෙව් පිතිකරු ජොන්සන් චාර්ල්ස් පිතිකරුවන් අතර 17 වැනි ස්ථානය දක්වා ස්ථාන 92 කින් ඉදිරියට පැමිණ තිබනෙවා.

දකුණු අප්‍රිකාවේ රයිලි රොසෝව් පිතිකරුවන් අතර 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්. රීසා හෙන්ඩ්‍රික්ස් 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා එක්දින පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇති අතර, එක්දින පිතිකරුවන් අතර 8 වැනි ස්ථානය දක්වා ඉන්දියාවේ රෝහිත් ෂර්මා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...