ටොම් මූඩි ක්‍රිකට් අධ්‍යක්ෂධූරයට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි පත් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මාර්තු පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති බවයි එම ආයතනය නිවේදනය කළේ.

වසර 3ක කාලයක් සදහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත වී ඇති බව සදහන්.

මෙම ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුර ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ මත අලුතින් පිහිටුවූ තනතුරක්.

ඒ අනුව එම ධූරයේ වගකීම් අතරට ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, දේශීය තරඟාවලි ව්‍යුහය පිළිබද අවධානය යොමු කිරීම, ක්‍රීඩක සුබසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය මෙන්ම ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණ යන අංශ එක් වනවා.

2007 වසරේ දී ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් අනුශූරතාවය ජය ගන්නා අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ටොම් මූඩි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...