SSC පරදා ලන්කන් ක්‍රිකට් සමාජය ශූරතාවය ජය ගනියි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ලන්කන් ක්‍රිකට් සමාජය සමත් වුණා.

ඒ, අද(28) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී එස්.එස්.සී කණ්ඩායම ලකුණු 59කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 49.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත්තා.

කසුන් අබේරත්න ලකුණු 51 ක් සහ කෙවින් පෙරේරා ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩී. තිලකරත්න ලකුණු 35කට කඩුලු 3 ක් දවා ගත් අතර, ෂම්මු අශාන් ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එස්.එස්.සී කණ්ඩායමට පන්දුවාර 44.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි.

ෂම්මු අෂාන් ලකුණු 50ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 29කට කඩුලු 3ක් බිද හෙලුවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...