ටෙස්ට් වරම් දිනූ තරගාවලියෙන් ලිවින්ග්ස්ටන් ඉවතට

Date:

එංගලන්ත පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන්ට පාකිස්තාන සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පාකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ඔහු එම තරගයේ දෙවැනි දිනයේ දී පන්දු රකිමින් සිටියදී දණහිසක ආබාධයකට ලක් වීම හේතුවෙනුයි මෙලෙස ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ආබාධයෙන් අනතුරුව පාකිස්තාන පළමු ඉනිමේ දී යළි පන්දු රැකීමට ලිවින්ග්ස්ටන් කටයුතු කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු එංගලන්ත දෙවැනි ඉනිමේ දී පිතිකරණයේ නිරත වුණා.

ආබාධය හේතුවෙන් ඔහු යළි පාකිස්තානයේ සිට එංගලන්තය බලා පිටත්ව යන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට එංගලන්ත බළධාරීන් මෙතෙක් තීරණය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...