පැරදුණු ඉන්දියාවට මඩුගල්ලගෙන් සුපිරි දඩයක්

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 80% ක දඩ මුදලක් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

මීර්පූර්හී දී පැවැති ඉන්දු – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා ගැනීමට ඉන්දියාව අසමත් වීම හේතුවෙනුයි මෙම දඩය පනවා ඇත්තේ.

කාල ගණනයන්ට අනුව ඉන්දියාව පන්දුවාර 4 ක් පිටුපසින් සිටීම හේතුවෙන් තරග තීරක ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා මෙම දඩ මුදල පනවා තිබෙනවා.

නියමිත කාලය අවසන් වන විට කණ්ඩායමක් නියමිත පන්දුවාර සංඛ්‍යාව යවා නිම කර නොමැතිනම්, අයි.සී.සී නීති රීති අනුව පිටුපසින් සිටින එක් පන්දුවාරයකට තරග ගාස්තුවෙන් 20% ක දඩ මුදලක් බැගින් ක්‍රීඩකයින්ට පැනවීමට කටයුතු කරනවා.

ඉන්දීය නායක රෝහිට් ෂර්මා විසින් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...