අදින් ඇර‌ඹෙන LPL තරගාවලිය ලොව පුරා විකාශය වෙන්නේ මෙහෙමයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර අද (6) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

තරගාවලිය මෙවර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

එළඹෙන 8 වැනිදා දක්වා පැවැත්වෙන තරග හම්බන්තොට දී ද, එළඹෙන 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන තරග මහනුවර දී ද,  එළඹෙන 17 වැනිදා සිට 23 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා වන තරග කොළඹ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ALSO READ : LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ මෙහෙමයි

තරගාවලියේ පළමු තරගය අද පස්වරු 3 ට ආරම්භ වන්නේ පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

තරගාවලියේ දෙවැනි තරගය අද රාත්‍රී 7.30 ට කොළඹ හා මහනුවර කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ අද දෙරණ 24 නාලිකාවයි.

ALSO READ : LPL තරගාවලියේ නායකයින් හා පුහුණුකරුවන් මෙන්න

එමෙන්ම Sony ක්‍රීඩා මාධ්‍ය ජාලය ඔස්සේ ද තරගාවලිය නැරඹිය හැකියි. (Sony Sports Ten 1, Sony Sports Ten 5 HD, Ten Cricket) (ලොව පුරා තරගාවලිය විකාශය කෙරෙන අයුරු පහතින් දක්වා ඇත)

අද දෙරණ යූටියුබ් නාලිකාව ඔස්සේ ද තරගාවලිය සජීවීව විකාශය කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

ALSO READ : ක්‍රීඩාංගන 3 කදී පැවැත්වෙන LPL තරග කාලසටහන

කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථික අර්බුදය පදනම් කර ගනිමින් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් කළ ඉල්ලීමක් සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය කල් දැමීමට තීරණය කළා.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...