බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතයට Lance Morris හා Michael Neser ඇතුළත් කර තිබෙනවා.
පර්ත් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී පැට් කමින්ස් ආබාධයකට ලක්වීමත්, ඉදිරියේ දී ටෙස්ට් තරග රැසක් ක්‍රීඩා කිරීමට තිබීමත් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදු කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාව මේ වන විට තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
Australia squad for Adelaide Test:
Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Steve Smith, Mitchell Starc, David Warner, Michael Neser, Lance Morris

