LPL තරගාවලියේ නායකයින් හා පුහුණුකරුවන් මෙන්න

Date:

අද(6) ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම්වල නායකයන් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ කණ්ඩායමේ නායකත්වය ඇන්ජෙලෝ මැතිව්ස් විසින් ද, යාපනය කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා විසින් ද, ගාලු කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් ද දැරීමට නියමිතයි.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක දඹුල්ල කණ්ඩායම මෙහෙයවන අතර, මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ වනිදු හසරංගයි.

කොළඹ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවන් කල්පගේ මහතා ද, යාපනය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි මහතා ද, ගාලු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මොයින් ඛාන් ද කටයුතු කරනවා.

දඹුල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ මිකී ආතර්. මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පියල් විජේතුංග මහතා කටයුතු කරනවා.

කොළඹ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස චමිල ගමගේ, පිතිකරණ පුහුණුකරු ලෙස සම්පත් පෙරේරා හා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන යන මහත්වරුන් පත් කර තිබෙනවා.

යාපනය කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මාරියෝ විල්ලවරායන් මහතායි. ජෙහාන් මුබාරක් මහතා පිතිකරණ පුහුණුකරු ලෙසත්, විමුක්ති දේශප්‍රිය මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ගාලු කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස උමාර් ගුල් කටයුතු කරන අතර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මුහම්මද් වකාර් අලී කටයුතු කරනවා.

දඹුල්ල කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. රුවින් පීරිස් මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි කටයුතු කරන්නේ.

මහනුවර කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස තරංග ධම්මික මහතා කටයුතු කරද්දී එම කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මනෝජ් අබේවික්‍රම මහතා කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...