ටස්මින්ගේ ශතකය අපතේ යයි ; ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

Date:

Tazmin Brits වාර්තා කළ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය අපතේ යවමින් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

East London හි පැවැති තරගයේ ආරම්භය ද ක්‍රීඩාංගනයේ තෙත සහිත තත්ත්වය හේතුවෙන් ප්‍රමාද වූ අතර, පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් විසින් ශ්‍රී ලංකාවට ලකුණු 271 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 6.5 කට පමණක් සීමා වුණේ වර්ෂාව සහිත අයහපත් කාළගුණයෙන් තරගයට බලපෑම් එල්ල වූ බැවින්.

ඒ වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 23 ක් ලබා සිටියා. චමරි අතපත්තු නොදැවී ලකුණු 12 ක් හා විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 270 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

Tazmin Brits පන්දු 128 කින් ලකුණු 116 ක් රැස් කළේ හතරේ පහර 12 ක් ද සමගින්.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 13 වැනිදා Kimberley හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...