ශශාන්ක්ගේ හා අෂුතෝෂ්ගේ සුපිරි සටන අපතේ යයි – හයිදරාබාද් පිලට තියුණු ජයක්

Date:

ලකුණු 114 දී 6 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව 7 වැනි කඩුල්ල සදහා ශශාන්ක් සිං හා අෂුතෝෂ් ෂර්මා ගොඩ නැගූ ලකුණු 66* (27) ක සටන්කාමී සම්බන්ධතාවය අපතේ යවමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරබාද් කණ්ඩායම අද(9) සමත් වුණා.

මුල්ලන්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

ශශාන්ක් සිං නොදැවී ලකුණු 46 ක් රැස් කළේ පන්දු 25 කින්. හයේ පහරක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අෂුතෝෂ් ෂර්මා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 33(15) ක්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමගින්.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 29 ක් අවශ්‍ය වූ අතර, සන්රයිසස් පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීමෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් එම පන්දුවාරයේ දී ලකුණු 26 ක් රැස් කිරීමට ශශාන්ක් සිං හා අෂුතෝෂ් ෂර්මා සමත් වුණා.

එම පන්දුවාරයේ දී උඩ පන්දු 3ක් සන්රයිසස් ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියා. ඉන් උඩ පන්දු දෙකක් ගිලිහී යාමෙන් පසු ඒවා හයේ සීමාවෙන් පිටත පතිත වීම ද කැපී පෙනුණා. (අවසන් පන්දුවාරයේ දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් ලකුණු 32 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් හයිදරාබාද් ඉනිම වෙනුවෙන් නිටිෂ් කුමාර් ලකුණු 64 ක් පන්දු 37 කින් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 4ක් සමගින්. අබ්දුල් සමාද් ලකුණු 25(12) යි.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 29 කට කඩුලු 4ක් බිද හෙලූ අතර, සෑම් කරන් හා හර්ෂාල් පටෙල් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...