චාර්ල්ස් දවා ගැනීමට ධනුෂ්ක රැකගත් සුපිරි උඩ පන්දුව

Date:

පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දුර්වල පන්දු රැකීම් මෙන්ම විශිෂ්ඨ පන්දු රැක ගැනීම් ද අපට දැක ගත හැකි වුණා.

එවැනි සුපිරි උඩ පන්දු රැක ගැනීමක් තරගාවලියේ අවසන් තරගයේ දී දැක ගත හැකි වූයේ ධනුෂ්ක ගුණතිලකගේ සුරතින්.

තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල දවා ගැනීම සදහා මෙම සුපිරි උඩ පන්දු රැක ගැනීම ඔහු විසින් සිදු කළා.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පිතිප්‍රහාරය හමුවේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම යම් අසීරුතාවයකට ගොදුරු වී සිටි මොහොතක ඉනිමේ පස්වන පන්දුවාරය ක්‍රියාත්මක කළ ධනංජය ලක්ෂාන් ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු 44 කට සීමා කිරීමට සමත් වුණා.

ඒ, ජොන්සන් චාල්ස් ලබා දුන් උඩ පන්දුවක් ලෝන්ග් ඕන් කලාපයේ සිට දිවයවමින් ඉදිරියට පැන උඩ ගුවනේ දී විශිෂ්ඨ අන්දමින් රැකගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත්වීමත් සමගයි. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...