හයේ හතරකින් තරගය නිමා කළ ඩැනියල් සෑම්ස්

Date:

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මේ වන විට මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.

දෙවන ස්ථානය හෝබාර්ට් හරිකේන් කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය සිඩ්නි සික්සර්ස් කණ්ඩායමටත් හිමිව තිබෙනවා.

මේ අතර, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තරගයක් පසුගිය 14 වනදා තරගාවලියේ හත් වන තරගය ලෙසින් පැවැත්වුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට කඩුලු 4ක ජයක් අත්කර දෙමින්.

මැනුකා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ නායක ක්‍රිස් ලින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 178 ක්.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩ කළ ක්‍රිස් ලින් පන්දු 44 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 69 ක්.

ඊට හයේ පහරවල් 5 ක් හා හතරේ පහරවල් 3 ක් ඇතුලත්ව තිබූ අතර, Max Bryant ලකුණු 29(23) ක් රැස් කළා.

ඉනිමට අනර්ඝ අවසානයක් ලබා දුන් Jack Wildermuth පන්දු 11 කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 31 ක්.

එම ඉනිමට හයේ පහරවල් 4 ක් ඇතුලත්ව තිබුණා.

ජොනතන් කුක් සහ ඩැනියල් සෑම්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී යද්දී ක්‍රිස් ග්‍රීන් හා නේතන් මැක්ඇන්ඩෲ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 179 ක ජයග්‍රහී ඉලක්කයක් හඹා ගිය සිඩ්නී තන්ඩර් කණ්ඩායම පන්දුවාර 18.5 ක් තුළ කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්ස් පන්දු 25 කදී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 65 ක්.

ඔහු එම ඉනිම හයේ පහර හතකින් වර්ණවත් කළ අතර ජයග්‍රහණය සදහා පන්දු 12 ක් තුළ ලකුණු 24 ක් අවශ්‍යව තිබූ මොහොතක ඔහු එල්ල කල හයේ පහරවල් හතර බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.(දර්ශන පහතින්)

ඇලෙක්ස් රෝස් ලකුණු 34(24)ක් සහ බෙන් කටින් පන්දු 23 කදී ලකුණු 29 ක් රැස්කළා.

බ්‍රිස්බේන් හීට් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී Jack Wildermuth කඩුලු 3 ක් බිඳ හෙලුවා.

තුන් ඉරියව්වෙන් දස්කම් ප්‍රදර්ශනය කළ ඩැනියල් සෑම්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...