LPL පළමු ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

Date:

පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමින්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේ ෂොයිබ් මලික් රැස් කළ ලකුණු 46න් සහ නායක තිසර පෙරේරා නොදැවී රැස් කළ ලකුණු 39න් සවිමත් වෙමින්.

ධනංජය ද සිල්වා ලකුණු 33ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 27ක් සහ ජොන්සන් චාර්ල්ස් ලකුණු 26 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 7කට දැවී ගිය අතර, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ධනුෂ්ක ගුණතිලක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.(දර්ශන පහතින්)

ඔහු කඩුලු දෙක අතර දිව යමින් සිටියදී පන්දු යැවීමේ නිරත වූ සුරංග ලක්මාල්ගේ ගැටීම අදාළ දුවද්දී දැවී යාමට හේතු වූ අතර, එම දැවීයාමේ සාධාරණත්වය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ප්‍රශ්න කරනවා.

පන්දු රැකීමේ දී ආබාධයකට ලක් වූ නායක භානුක රාජපක්ෂ ගාලු ඉනිම වෙනුවෙන් පන්දු 17කින් වේගවත් ලකුණු 40ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින්.

අසාම් ඛාන් ලකුණු 36යි.

පන්දු යැවීමේ දී උස්මාන් ශින්වාරි සහ ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...