චමරිට එක්දින කිරුළ අහිමි වෙද්දී 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම එක්දින හා 20යි 20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(18) නිවේදනය කළා.

ඒ අනුව මීට සති දෙකකට පෙර එක්දින පිතිකාරිණියන් අතර පළමු ස්ථානය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට මේ වන විට එම ස්ථානය අහිමි වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ Beth Mooney එක්දින පිතිකාරිණියන් අතර යළි පළමු ස්ථානයට පත්ව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එංගලන්තයට එරෙහි පළමු එක්දින තරග දෙකේ දී ලකුණු 81* ක් හා 33 ක් ලබා ගනිමින් ඇය දැක් වූ දක්ෂතා හේතුවෙනුයි Beth Mooney යළි පළමු ස්ථානයට පත්ව ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී පන්දු 99 කින් නොදැවී ලකුණු 111 ක් වාර්තා කළ එංගලන්තයේ Nat Sciver-Brunt පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙතෙක් පෙරමුණේ පසු වූ චමරි අතපත්තුට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

මේ අතර, නවසීලන්තයට එරෙහි තෙවැනි 20යි 20 තරගයේ දී පන්දු 47 කින් නොදැවී ලකුණු 80 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කර දීමට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චමරි 20යි 20 පිතිකාරිණියන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉදිරයට පැමිණ තිබෙනවා.

හර්ෂිතා මාධවී පිතිකාරිණියන් අතර 22 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 5 කින්.

දග පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර පන්දු යවන්නියන් අතර සම 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...