කෝලි – අනුෂ්කා දික්කසාද පුවත සමාජ මාධ්‍ය කළඹයි

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සහ ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා දික්කසාද වූ බවට වන පුවතක් මේ වන විට ඉන්දියාව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඒ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය නොදෙන සමාජ මාධ්‍ය ඔස්සේ එම පුවත දැඩි ලෙස හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.

සැබවින්ම සිදුව ඇත්තේ කුමක්ද? 2017 වසරේ විවාහ වූ ඔවුන් දෙදෙනා මේ වන විට දික්කසාද වී ඇත්ද? පිළිතුර නැහැ.

වාර්තා වන අන්දමට මෙම අසත්‍ය පුවත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්ව ඇත්තේ 2016 වසරේ දී Times of India වාර්තා කළ පුවතක් යළිත් වරක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් සමගයි.

විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා 2016 වසර වන විට විවාහ වී නොසිටි අතර, ඔවුන්ගේ ආදර සබදතාවය බිද වැටී ඇති බවට වන වාර්තාවක් පමණක් අදාළ පුවතෙහි සදහන්ව තිබුණා.

ඒ අනුව මෙම පුවත පල කළ දිනය පිළිබද සොයා බැලීමක් සිදු නොකර සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් එය හුවමාරු කිරීම මෙම අර්බුදයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...