“IPL පිටියේ දී තිසරටයි මටයි කලු ජාතිකයින් කියා අපහාස කළා” – සැමී

Date:

තමන් සහ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී වර්ගවාදයට ගොදුරු වූ බව බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක ඩැරන් සැමී පවසනවා.

ඒ, ඉන්ස්ටග්‍රෑම් සමාජජාලා මාධ්‍ය වෙත සටහනක් එක් කරමින්.

“කලු” යන වචනයේ තේරුම තමන් මෙතෙක් කල් වැරැදි ලෙස වටහා ගෙන සිටි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශක්තිමත් කලු මිනිසා ලෙස එහි අර්ථය ගැබ්ව පවතින්නට ඇතැයි තමන් මෙතෙක් කල් විශ්වාස කළ බව ඔහු කියා සිටියා.

තිසර පෙරේරා සහ තමන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විට “කලු” යන වචචනයෙන් තමන්ව සහ තිසර පෙරේරාව හදුන්වනු ලැබූ බවයි ඩැරන් සැමී සදහන් කර සිටියේ.

එහි සැබෑ අර්ථය තමා දැන් අවබෝධ කර ගෙන ඇති බවත්, එම ප්‍රකාශ හෙළා දකින බවත් ඔහු සදහන් කර සිටියා

අමෙරිකාවේ දී කලු ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවේ දී මියයාමේ සිද්ධියත් සමගයි මේ වන විට යළිත් වරක් වර්ගවාදයට එරෙහි ජන මතයක් ලොව පුරා ගොඩ නැගෙමින් පවතින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...