ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් මාසික පුහුණුවක් අරඹයි

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් අද සිය පුහුණුවීම් යළි ආරම්භ කළා.

කාබුල් ක්‍රීඩාංගනයේ දී ඔවුන් මාසික පුහුණු කදවුරක් සදහා මෙලෙස එක් වන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සහ ජගත් ක්‍රිකට් කවුන්සලය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එරට සෞඛ්‍ය අමාත්‍යංශය සමග සමීප සම්බන්ධීකරණය යටතේ මෙම පුහුණු කදවුර පැවැත්වෙන බව ද ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පුහුණු කදවුර ආරම්භ කිරීමට පෙර ක්‍රීඩකයින් සහ නිළධාරීන් වෙනුවෙන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ ඉන් ආරක්ෂා වීම පිළිබද දැනුවත් කිරීමේ රැස්වීමක් ද ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී සංවිධාන කර තිබූ බව සදහන්.

පුහුණු කදවුරට එක්ව ඇති ක්‍රීඩකයින් සහ ඊට අදාළ ඡායාරූප කිහිපයක් පහතින් –

Asghar Afghan (C), Rahmanullah Gurbaz, Hazrathullah Zazai, Karim Janat, Mohammad Nabi, Najibullah Zadran, Gulbadin Naib, Rashid Khan, Naveen ul Haq, Shapoor Zadran, Qais Ahmad, Mujeeb ur Rahman, Azmatullah Omerzai, Samiullah Shinwari, Usman Ghani, Mohammad Shahzad, Sayed Shirzad, Darwish Rasooli, Zahir Khan Paktin, Farid Malik, Hamza Hotak and Sharafudin Ashraf.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...