කොළඹ පරදා දඹුල්ලට කඩුලු තුනක ජයක්

Date:

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කොළඹ කණ්ඩායම පරදා කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම අද(26) සමත් වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 261 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල පන්දුවාර 48.4 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කොළඹ පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 53 ක් හා හසන්ක රත්නායක ලකුණු 55 ක් ලබා ගත්තා.

පන්දු යැවීම චමිදු විජේසිංහ ලකුණු 63 කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 90 ක් රැස් කළ අතර, රනේෂ් සිල්වා ලකුණු 50 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී හසන්ක රත්නායක ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...