360 ක් හඹා ගිය යාපනයට ජනිත්ගේ ප්‍රහාරය හමුවේ කඩුල්ලක තියුණු ජයක්

Date:

ජනිත් ලියනගේ පන්දු 106 කින් වාර්තා කළ ලකුණු 130 හමුවේ නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් විශිෂ්ඨ හඹා යාමක් අවසානයේ මහනුවර කණ්ඩායම පරදා එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම අද(26) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 360 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය යාපනය පිල පන්දුවාර 48.5 ක් අවසානයේ දී කඩුලු 9ක් දැවී සිටියදීයි ජයග්‍රාහී ඉලක්කය පසු කළේ.

නායක ජනිත්ගේ ඉනිම හයේ පහරකින් හා හතරේ පහර 14 කින් වර්ණවත් වුණා. ලහිරු මදුෂංක පන්දු 79 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 87 ක්. හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හසිත බොයගොඩ ලකුණු 47 යි.

පන්දු යැවීමේ දී චාමික ගුණසේකර ලකුණු 75 කට කඩුලු 3ක් දවා ගත් අතර, ලහිරු කුමාර හා අශේන් ඩැනියල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 359 ක් රැස් කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ලහිරු උදාර ලකුණු 93 ක් රැස් කළේ පන්දු 61 කින්. නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 53(49)කට දැවී ගියා. කමිල් මිෂාර ලකුණු 76(79) ක් හා සහන් ආරච්චිගේ ලකුණු 73(66) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී චමත් ගෝමස් හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...