රහ්මනුල්ලාහ් ගුර්බාස් ටෙස්ට් සංචිතයට නම් කෙරේ

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා රහ්මනුල්ලාහ් ගුර්බාස් නම් කර ඇති අතර, ඒ අනුව මෙම ටෙස්ට් තරගයේ දී බොහෝ විට ඔහු ටෙස්ට් වරම් දිනා ගැනීමට ඉඩ පවතිනවා.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති පා දග පන්දු යවන ක්‍රීඩක කලිල් ගුර්බාස් ද සංචිතයට ඇතුළත් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ඊබ්‍රහීම් ද යළි සංචිතයට කැදවා තිබෙනවා. ඔහු ද මෙතෙක් ටෙස්ට් වරම් දිනා නැහැ.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි යමින් අහ්මඩ්සායි හා මොහමඩ් සලීම්ට ආබාධවලට ලක්වීම හේතුවෙන් අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

බහීර් ශාහ් ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි මොහමඩ් ඉෂාක් හා කායිස් අහ්මඩ් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇෆ්ඝනිස්තාන – අයර්ලන්ත ටෙස්ට් තරගය එළඹෙන 28 වැනිදා අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතයි.

Afghanistan squad

Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Ikram Alikhail (wk), Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Noor Ali Zadran, Abdul Malik, Bahir Shah, Nasir Jamal, Karim Janat, Khalil Gurbaz, Zahir Khan, Zia-Ur-Rehman, Nijat Masood, Ibrahim Abdulrahimzai, Naveed Zadran

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...