මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 53 වැනි තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.
පූනේ හි දී පැවැති තරගයේදී ඔවුන් හමුවේ දරුණු පරාජයට පත්වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම යි.
තරගයේ කාසිය වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින්.
ක්වෙන්ටන් ඩී කොක් පන්දු 29කින් ලකුණු 50 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ද සමගින්.
දීපක් හූදා ලකුණු 41(27)යි. හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් හූදාගේ ඉනිමට ඇතුළත්.
මර්කස් ස්ටොයිනිස් ලකුණු 28(14)ක් ද, කෘනාල් පාන්ඩ්යා ලකුණු 25ක් ද රැස් කළා.
පන්දු යැවීමේදී අන්ඩ්රි රසල් පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා. ටිම් සවුති, ශිවම් මාවි හා සුනිල් නරේන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොල්කටා කණ්ඩායමට පන්දුවාර 14.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.
ආරෝන් ෆින්ච් ලකුණු 14කටත්, සුනිල් නරේන් ලකුණු 22කටත් දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අන්ඩ්රි රසල් පන්දු 19ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 45ක් වාර්තා කළා. හයේ පහර 5කින් හා හතරේ පහර 3කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
පන්දු යැවීමේ දී අවේශ් ඛාන් පන්දුවාර 3ක් යොමු කරමින් නිලකුණු පන්දුවාරයක් ද සහිතව ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා.
ක්රියාත්මක කළ පන්දුවාර 3 තුළ නිලකුණු පන්දුවාරයක් ද සහිතව ලකුණු 6කට එක් කඩුල්ලක් බිද හෙලීමට මොහ්සීන් ඛාන් සමත් වුණා.
දුෂ්මන්ත චමීර ද අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 3ක් තුළ ලකුණු 14කට කඩුල්ලක් දවා ගත්තා.
මේ වන විට ලක්නව් සුපර් ජයජන්ට්ස් කණ්ඩායම හා මෙතෙක් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග 11 බැගින් ක්රීඩා කර ඉන් තරග 8 බැගින් ජය ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුවයි ලක්නව් කණ්ඩායම මේ වන විට ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ.
#SuperGiant chef @dushmantha05 delivers a lip-smacking dish with minimal assistance from his mother 😋#AbApniBaariHai💪#IPL2022 🏆 #MotherDay #Topical #MomentMarketing #MothersDay2022 #bhaukaalmachadenge #lsg #LucknowSuperGiants #T20 #TataIPL pic.twitter.com/Gt3fLjtWhE
— Lucknow Super Giants (@LucknowIPL) May 8, 2022

