මදුෂ්කගේ නොදැවුණු ශතකයෙන් කෙන්ට් කණ්ඩායමට ප්‍රබල පිළිතුරක්

Date:

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(7) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 201ක්.

නායක නිපුන් ධනංජය ලකුණු 8කට දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව ලසිත් කෘෘස්පුල්ලේ හා නිශාන් මදුෂ්ක එක්ව ලකුණු 187ක නොබිදුණු සබදතාවයක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නගමින් නැගී එන කණ්ඩායමේ පළමු ඉනිම ශක්තිමත් කළා.

නිශාන් මදුෂ්ක ලකුණු 104ක් නොදැවී ලබා කඩුල්ලේ රැදී සිටින්නේ පන්දු 120කින්. හයේ පහරක් හා හතරේ පහර 18ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

හයේ පහර 2ක් හා හතරේ පහර 10ක් සමගින් ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 109කින් නොදැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 86ක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කෙන්ට් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 595ක් ලබා සිටියදීයි.

Darren Stevens(168), George Linde(107) හා Billy Mead(106*) ශතක වාර්තා කරමින් කෙන්ට් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී උදිත් මදුෂාන්, යසිරු රොද්‍රිගෝ හා ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්තා. නිපුන් මාලිංග හා අෂේන් බණ්ඩාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 394ක්.

බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ දී යි මෙම තරගය පැවැත්වෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...