Watch : දුෂ්මන්තගේ සුපිරි පන්දුවකට ෂ්රෙයස් අයියර් දැවී ගිය හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 53 වැනි තරගය අද(7) රාත්‍රියේ දී පුනේ හීදී ආරම්භ වුණා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසිය වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින්.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 50(29)ක් සහ දීපක් හූදා ලකුණු 41(27) ක් රැස් කළා

පන්දු යැවීමේදී අන්ඩ්‍රි රසල් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා.

කොල්කටා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ඔවුන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 11ක් තුළ බිඳ වැටුණා.

දෙවැනි කඩුල්ල දුෂ්මන්ත චමීර විසින් දවා ගත් අතර ඔහුගේ කෙටි පන්දුවක් හමුවේ දැවී ගියේ කොල්කටා කණ්ඩායමේ නායක ෂ්රෙයස් අයියර්.

ඔහු දැවී යන විට පන්දු 9කින් ලකුණු 6ක් රැස් කර ගෙන සිටියා.

එම කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...