කොදෙව් ඉතිහාසයේ සුපිරි පිතිකරුවා අභාවප්‍රාප්ත වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරුවෙකු වූ ශ්‍රීමත් Everton Weekes අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1925 වසරේ උපන් ඔහු මියයන විට 95 හැවිරිදි වියේ පසු වුණා.

Everton Weekes කොදෙව් දේශයෙන් බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවෙකු ලෙස සැලකෙන අතර, ඔහු එරට වෙනුවෙන් ටෙස්ට් තරග 48ක් ක්‍රීඩා කර තිබුණේ 1948 – 1958 අතර කාලයේ දී යි.

එහිදී ඔහු ලකුණු 4,455ක් රැස් කළ අතර, ඉනිමක සාමාන්‍ය දැක් වුණේ 58.61ක් ලෙසයි.

ලකුණු 4000ට වැඩි ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයින් අතරින් ඔහුට වඩා වැඩි ලකුණු සාමාන්‍යක් සටහන් කර ගෙන ඇත්තේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.

Everton Weekes පසුව අයි.සී.සී තරග තීරකවරයෙකු වශයෙන් ද කටයුතු කළ අතර, 2009 වසරේ දී ඔහුව ICC Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් අතරට ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කරනු ලැබුවා.

Sir Everton Weekes (Photo by Shaun Botterill/Getty Images)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...