දෙවන ක්‍රීඩක කණ්ඩායමත් සිකුරාදා එංගලන්තයට

Date:

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී පසුව එම වෛරසය ශරීර තුළ නොමැති බවට ඊයේ(30) දෙවැනි වරටත් අණාවරණය වූ පාකිස්තාන ක්‍රීඩකයින් 6 දෙනා එළඹෙන සිකුරාදා(3) එංගලන්තය බලා පිටත්ව යන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

ෆකාර් සමාන්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් රිස්වාන්, ශඩාබ් ඛාන් සහ වහබ් රියාස් යන ක්‍රීඩකයින් මෙලෙස පිටත්ව යන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මේ වන විටත් පාකිස්තාන ක්‍රීඩකයින් 20 දෙනෙකු එංගලන්තයට පැමිණ සිටින අතර, ඔවුන් දින 14ක් නීරෝධායනයකට ලක් වෙමින් සිටිනවා.

ඒ අතරතුර දී ඔවුන්ට පුහුණු කටයුතු සදහා ද අවස්ථාව ලබා දී තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජූලි 30 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...