තරග 23 ද? 13 ද? “LPL ගැන ජනපති සමග සාකච්ඡා කරනවා” – SLC

Date:

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල විදේශිකයින් සදහා යළි විවෘත කිරීම තවදුරටත් කල් දැමීමට රජය ගත් තීරණය හමුවේ වුවද ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවනවා.

අගෝස්තු පළමු වැනිදා කටුනායක ගුවන් තොටුපොල විවෘත කිරීමට මීට පෙර රජය තීරණයක් ගෙන තිබූ අතර, ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ද හිමිව තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට ගුවන් තොටුපොල විවෘත කිරීම ප්‍රමාද කිරීමට ගෙන ඇති තීරණයත් සමග ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා cricinfo වෙබ් අඩවිය වෙත සදහන් කළේ.

“අපි බලාපොරොත්තුවෙනවා තීරණයකට එන්න පුලුවන්ද කියල බලන්න ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න.”

යනුවෙන් ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කළා.

“මේ මොහොතේ අපි බලන්නෙ තරග 23ක් (එල්.පී.එල් තරගාවලිය යටතේ) පවත්වන්න. නමුත් ඉන්දියාව මෙරට තරග සංචාරයට එකග වුණොත් තරග සංඛ්‍යාව 13ක් දක්වා අඩු කරන්න වෙනවා.”

ඉන්දීය කණ්ඩායම එක්දින සහ 20යි 20 තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහා මෙරටට පැමිණීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එය අවලංගු කෙරුණා.

කෙසේ වෙතත්, ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මෙරට ක්‍රිකට් ආයතනයේ ආර්ථික තත්ත්වයට බෙහෙවින් බලපාන බැවින් එම තරගාවලි කෙසේ හෝ ඉදිරියේ දී පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවනවා.

එල් පී එල් තරගාවලිය අගෝස්තු 8 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

ඊට එක් වන කණ්ඩායම් සංඛ්‍යාව 5ක් වන අතර, එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

එක් තරගයකට කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකුට පමණයි.

ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙන්දේසි ක්‍රමවේදයක් ඔස්සේ සිදු කරනු ඇති.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...