කොදෙව්වන්ට නව උප නායකයෙක් – පුහුණුවීම්වලටත් තහනමක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස රොස්ටන් චේස් පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන නවසීලන්ත තරගාවලිය වෙනුවෙන්.

මීට පෙර ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් එරට ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්.

කිරන් පොලාඩ් නායකත්වය දරන කොදෙව් 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස නිකලස් පූරාන් කටයුතු කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 27 වනදා ඔක්ලන්ඩ්හී දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට කොදෙව් ක්‍රීඩකයින් නවසීලන්තයට පැමිණ නිරෝධායන කාල සීමාවක් ගත කරන නමුත්, එම කාලය අවසන් වනතුරු ඔවුන්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම පසුගියදා තහනම් කෙරුණා.

ඒ, ක්‍රීඩකයින් පිරිසක් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන්.

මේ පිළිබදව මේ වන විට කොදෙව් ක්‍රිකට් ආයතනය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...