හබිබුල් බෂාර්ටත් කොරෝනා

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ වත්මන් තේරීම් කමිටු සාමාජිකයෙකු වන හබිබුල් බෂාර්ට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

බංග්ලාදේශ ටෙස්ට් නායක මොමිනුල් හක් සහ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ද කොරෝනා වෙරසය ආසාදනය වූවන් ලෙස හදුනා ගෙන ඇති පසුබිමකයි මෙම පුවත ද වාර්තා වන්නේ.

ඒ අනුව හබිබුල් බෂාර් මේ වන විට ඔහුගේ නිවසේම හුදෙකලා කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, මෙම මස අවසානයේ පැවැත්වෙන බංගබන්දු 20යි 20 කුසලාන තරගාවලිය ආරම්භ වන විට ඔහු සුවය ලබා සිටිනු ඇති බවට විශ්වාසය පල කෙරෙනවා.

“මම ගොඩක් ප්‍රවේශම් වුණා. ඒත් මට වෛරසය ආසාදනය වුණා.” යනුවෙන් හබිබුල් බෂාර් Bangla Tribune පුවත් වෙබ් අඩවියට සදහන් කළා.

පසුගිය කාලයේ දී අබු ජයිඩ්, සයිෆ් හසාන් සහ මශ්රෆි මොටාසා යන ක්‍රීඩකයින්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

බංග්ලාදේශය තුළ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 425,353කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, 6,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...