කෙටිම ටෙස්ට් තරග 10ට එක්වූ දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොර වෙයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද(17) අවසන් වුණා.

වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ මෙම තරගයේ දී ඉනිම් දෙකක් පමණක් ක්‍රියාත්මක වූ අතර, එහිදී ක්‍රීඩා කළ සමස්ත පන්දුවාර සංඛ්‍යාව 134.3ක් පමණයි.

ඒ අනුව මෙම තරගය එංගලන්තයේ දී පැවැති කෙටිම ටෙස්ට් තරග 10 අතරට ද එක් වුණා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 1ක් දැවී ලකුණු 7ක් ලබා සිටියා

ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 110ක් ලබා සිටියදීයි.

සැක් ක්‍රව්ලි ලකුණු 53යි.

පන්දු යැවීමේ දී මොහොමඩ් අබ්බාස් කඩුලු 2ක් බිද හෙලුවා.

එංගලන්තය ඉනිම අත්හිටුවීමෙන් පසුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමටයි තීරණය කෙරුණේ.

වර්ෂාව හේතුවෙන් තරගයේ තෙවැනි දිනය සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වූ අතර, සිව්වන දිනයේ දී ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 10.2ක් පමණයි.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිම සදහා  සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 236ක්.

මොහොමඞ් රිස්වාන් ලකුණු 72ක් සහ අබිඩ් අලී ලකුණු 60ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඞ් කඩුුලු 4ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලූවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස එංගලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවනවා.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් පන්දුව පාකිස්තාන නායක අසාර් අලී විසින් යොමු කිරීම කාගේත් අවධානය දිනා ගත් අවස්ථාවක් බවට පත් වුණා.

ඊට අදාළ වීඩියෝ දර්ශන පහතින් –


Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...