හොදම ඉනිම් අවසන් කරන්නා දෝනි – හිටපු ශ්‍රී ලංකා නායකයා දෙවැනි තැනට

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවෙන් තමා විශ්‍රාම ගන්නා බව ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනී පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

විස්සයි විස්ස ලෝක කුසලානයක්, අයි.සී.සී ශූරයන්ගේ කුසලානයක් හා එක්දින ලෝක කුසලානයක් ඉන්දියාවට හිමි කර දීමට ඔහුගේ නායකත්වය යටතේ හැකියාව ලැබීම සැබවින්ම දෝනි ලැබූ සුවිශේෂී ජයග්‍රහනයක්.

ලොව බිහිවූ විශිෂ්ඨතම තරග අවසන් කරන්නෙකු ලෙස ද සැලකෙන මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර එක්දින තරග 350 කට සහභාගී වී ලකුණු 10,773 ක් රැස්කරගනු ලබන්නේ 50.57 ක විශිෂ්ඨ පිතිකරණ සාමාන්‍යක් ද රඳවා ගනිමින්.

පසුපෙළ පිතිකරුවෙකු ලෙස බොහෝ තරගවල ක්‍රීඩා කල දෝනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුල පිතිකරණ ලයිස්තුවේ අංක 5 හෝ ඊට පසුව පැමිණ රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8,324 ක්.

එම වාර්තාගත ලකුණු සංඛ්‍යාවත් සමග එක්දින ක්‍රිකට් පිටිය තුළ, පිතිකරණ ලයිස්තුවේ අංක 5 හෝ ඊට පසු පිතිකරණ ස්ථානයක ක්‍රීඩාකරමින් ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් පිතිකරුවා බවට ඔහු පත්ව සිටිනවා.

එම ලැයිස්තුවේ දෙවනි ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට පළමු වරට ලෝක කුසලානයක පහස විදීමට නායකත්වය ලබාදුන් අර්ජුන රණතුංගයි.

පිතිකරණ ලැයිස්තුවේ අංක පහ හෝ ඊට පසු පිතිකරණ ස්ථානයක ක්‍රීඩාකරමින් අර්ජුන වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 6041ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...