ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට පෙර සීමිත පන්දුවාර තරග 6ක් ?

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සීමිත පන්දුවාර තරගවලින් ආරම්භ වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් දෙරටේ ක්‍රිකට් ආයතන අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබද තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.

ඒ අනුව ඇතැම් විට එක්දින සහ 20යි 20 තරග 3 බැගින් මෙන්ම ටෙස්ට් තරග 4ක් ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයට ඇතුළත් වීමට ඉඩ තිබෙනවා.

මීට පෙර 20යි 20 තරගාවලිය ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර, ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබුණා.

ටෙස්ට් තරග 4න් පසුව ජනවාරි මාසයේ දී එක්දින තරගාවලිය පැවැත්වීමටයි නියමිත වුණේ.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය සහ 20යි 20 ලෝක කුසලානය 2022 වසර දක්වා කල් යාම හේතුවෙන් ඉන්දු – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය දින නියමක් නොමැතිව කල් දැමුණා.

ඒ අනුව එම 20යි 20 තරගාවලිය 2022 වසරේ දී පැවැත්වීම සම්බන්ධයෙනුයි මීට පෙර අවධානය යොමුව තිබුණේ.

නමුත්, අදාළ 20යි 20, එක්දින සහ ටෙස්ට් යන තරගාවලි ත්‍රිත්වයම එළඹෙන තරග සංචාරයේ දී පැවැත්වීමටත්, සීමිත පන්දුවාර තරග පළමුවෙන් පවත්වා පසුව ටෙස්ට් තරග පැවැත්වීම සම්බන්ධයෙනුත් මේ වන විට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...