කුසල් ජනිත් ගැන සුබ ආරංචියක්

Date:

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට(12) පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා කුසල් ජනිත් පෙරේරාට  ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු අද පස්වරුවේ මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමත් සමගයි.

ජූලි මස මුල නිමා වූ එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව කුසල් ජනිත් මෙතෙක් කිසිදු ජාත්‍යන්තර හෝ දේශිය තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් සහ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

ඔහුට හෙට තරගය ක්‍රීඩා කිරීමට හැකි වීමත් සමග බොහෝ දුරට භානුක රාජපක්ෂට කණ්ඩායමේ ස්ථානය අහිමි විය හැකියි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවන තරගය හෙට රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...