එංගලන්ත සුපිරි ක්‍රිකට් තරු තුනක් IPL තරගාලියෙන් ඉවත්වෙයි

Date:

එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරගවලින් ඉවත් වී තිබෙනවා.

ඔහු සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසයි කටයුතු කරමින් සිටියේ.

එමෙන්ම පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු එංගලන්තයේ ඩාවිඩ් මලාන් ද මෙවර තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

ඔහු වෙනුවට දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් සංචිතයට ආදේශ කිරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්ය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රිස් වෝක්ස් ද මෙවර තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සදහන්.

2021 අයි.පී.එල් තරගාවලියේ පැවැත්වීමට නියමිත ඉතිරි තරග ලබන 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...