3 – 2ක් ලෙස තරගාවලියේ ජය බංග්ලාදේශයට

Date:

නවසීලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අයත් තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ඊයේ(10) නිමා වුණා.

ඒ, බංග්ලාදේශයට තරග 3-2ක් ලෙස ශූරතාවය හිමි කර දෙමින්. දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් නවසීලන්තය ලකුණු 27ක ජයක් වාර්තා කළා.

ඩකාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා.

නායක ටොම් ලේතම් පන්දු 37කින් නොදැවී ලකුණු 50ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින්.

ෆින් ඇලන් ලකුණු 41(24)යි. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2ක් බිද හෙලූ අතර, ටස්කින් අහ්මඩ්, නසුම් අහ්මඩ්, අෆිෆ් හුසේන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාද්ශයට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

අෆිෆ් හුසේන් නොදැවී ලකුණු 49(33) යි. මොහොමඩ් නයීම් හා මහ්මුදුල්ලාහ් ලකුණු 23 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී අජාස් පටෙල් හා Scott Kuggeleijn කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...