ක්‍රිකට් තරගයක් මැද සුනඛයෙකු පන්දුව රැගෙන දිව ගිය හැටි

Date:

සුනඛයෙකු නිසා ක්‍රිකට් තරගයකට සිදු වූ බලපෑමක් පිළිබද තොරතුරු අයර්ලන්තයෙන් වාර්තා වනවා.

එරට පැවැති දේශීය කාන්තා තරගයක් අතරතුර දී යි මෙම සිදු වීම වී ඇත්තේ.

Bready සහ CSNI කණ්ඩායම් අතර Bready ක්‍රිකට් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ මෙම තරගය පැවැත්වුණා.

වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා වූ මෙම තරගයේ ජයග්‍රහනය සදහා CSNI කණ්ඩායමට ලකුණු 74ක ඉලක්කයක් හිමි වුණා.

එම ලකුණු සංඛ්‍යාව හඹා යාමේ දී යි සුනඛයෙකු විසින් තරගයට බාධා එල්ල කළේ.

ඉනිමේ 9 වන පන්දුවාරයේ දී Abbi Leckey එල්ල කළ පහරකින් පසුව පන්දු රැකීමේ නිරතව සිටි ක්‍රීඩිකාවක් පන්දුව රැගෙන යළි කඩුලු රකින්නිය වෙත භාර දෙනු ලැබූ අතර, එම අවස්ථාවේ දී යි සුනඛයෙකු ක්‍රීඩාංගනය තුළට කඩා වැදුණේ.

කඩුලු රකින්නිය වෙත පන්දුව ළගා වීමෙන් පසුව ඇය විසින් පන්දුව කඩුල්ලට විසි කළේ පිතිකාරිණිය දුවද්දී දවා ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත්, පන්දුව කඩුල්ලේ නොගැටුණු අතර, එම අවස්ථාවේ දී තණතීරුව අසලටම දිව ආ සුනඛයා විසින් පන්දුව රැගෙන පිටිය තුළ එහා මෙහා දිව ගියේ සියලු දෙනාට සිනහවක් එක් කරමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...