කැන්ඩි වොරියර්ස් රදවාගත් හා සෘජුවම ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා තවත් ඉතිරිව ඇත්තේ හෝරා කිහිපයක කාලක් පමණයි.

පසුගිය වසරේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු (විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු) ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබූ අතර, කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද ලබා දී තිබුණා.

ඒ අනුව කැන්ඩි වොරියර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමඟ සෘජුවම ගිවිසුම්ගතවීමටයි පියවර ගෙන ඇත්තේ.

වනිදු පසුගිය තරග වාර දෙකේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර 2020 තරග වාරයේ වැඩිම කඩුලුලාභියා බවට පත්වුණේ වනිදු හසරංගයි.

මේ වන විට එල් පී එල් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන්නේද ඔහුයි.

මේ අතර පසුගිය තරඟ වාරයේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කළ චාමික කරුණාරත්න ද මෙවර තරගාවලියේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

පසුගිය තරගාවලියේදී වොරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය සංචිතයේම රඳවා ගැනීමටයි එම කණ්ඩායම කටයුතු කර ඇත්තේ.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාර්ලස් බ්‍රැත්වෙයිට් සහ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් ග්‍රීන් සමගද කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සෘජුවම ගිවිසුම්ගත වී තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...