කලම්බු ස්ටාර්ස් රදවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් මෙන්න

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පෙර අද(5) පස්වරුවේ පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට පෙර සුපිරි පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් සිය කණ්ඩායමේ රදවා ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පා දග පන්දු යවන්නන් වන ජෙෆ්රි වැන්ඩර්සේ හා සීක්කුගේ ප්‍රසන්න ද සංචිතයේ රදවා ගෙන ඇති බවයි ස්ටාර්ස් කණ්ඩායම නිවේදනය කළේ.

පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු (විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු) ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබූ අතර, කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද ලබා දී තිබුණා.

ඒ අනුව කලම්බු ස්ටාර්ස් කණ්ඩායම එලෙස සෘජුව ගිවිසුම්ගත වී ඇති දේශීය ක්‍රීඩකයින් වන්නේ චරිත් අසලංක හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් සමගයි.

අසලංක පසුගිය තරගවාරයේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, දික්වැල්ල දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සදහායි ක්‍රීඩා කළේ.

ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ඩ්වේයන් ප්‍රෙටෝරියස් සමග ද ස්ටාර්ස් කණ්ඩායම සෘජුව ගිවිසුම්ගත වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...