ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ඔහු සමග ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම්ගත වීමත් සමගයි.

ඔහුට අමතරව දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න සමගින් ද නයිට් රයිඩර්ස් කණ්ඩායම ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඔහු අවසන් වරට 2019 වසරේ දී ද ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

විදෙස් ක්‍රීඩකයින් ලෙස එම කණ්ඩායම ගිවිසුම්ගත වී ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ නවසීලන්තයේ කොලින් මන්රෝ, අමෙරිකාවේ අලී ඛාන් හා නවසීලන්තයේ ටිම් සෙයිෆර්ට් යන ක්‍රීඩකයින්.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය St Kitts & Nevis, Saint Lucia, Trinidad & Tobago, Guyana හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...