ක්ලාසන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගැන තීරණයක් ගනියි

Date:

දකුණු අප්‍රිකා කඩුලු රකින පිතිකරු හෙන්රික් ක්ලාසන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබෙනවා.

විස්සයි 20 ලීග් තරගාවලි සදහා තමන් ඉදිරියේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

33 හැවිරිදි ක්ලාසන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිවයි.

වසර 7ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ඔහු ටෙස්ට් තරග 4 ක්, එක්දින තරග 60 ක් හා විස්සයි 20 තරග 58 ක් ක්‍රීඩා කර තිබෙනවා.

2024 වසරේ ජනවාරි මාසයේදී ටෙස්ට් පිටියට සමු දුන් ඔහු පසුගිය අප්‍රේල් මාසයේදී එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළ මධ්‍යම කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුවට ද ඇතුළත්ව සිටියේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...