2025 ලෝක කුසලානයත් දෙමුහුන් ක්‍රමයට – ශ්‍රී ලංකාවේදීත් තරග රැසක්

Date:

ඉන්දියාවට සත්කාරක අයිතිය හිමි 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 30 වැනිදා සිට නොවැම්බර් 2 දක්වා පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසනවා.

මෙම තරගාවලිය ද දෙමුහුන් ක්‍රමවේදය යටතේ පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකාවේදී ද තරග පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ Bengaluru, Guwahati, Visakhapatnam හා Indore හීදී ද, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ද තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තවමත් තරගාවලියේ නිල තරග කාලසටහන එළිදක්වා නැතත්, පාකිස්තානය හා ඉන්දියාව අතර මීට පෙර එකග වූ දෙමුහුන් ක්‍රියාවලියට අනුව පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

පාකිස්තානයේ පැවැති ශූරයින්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දියාව එරටට පිටත්ව නොගිය අතර, ඒ අනුව ඩුබායිහීදී ඉන්දියාව ක්‍රීඩා කළ තරග පැවැත්වුණා. ඉන්දියාවේ මෙම තීරණය හේතුවෙන් පාකිස්තානය ද යළි ඉන්දියාවේ පැවැත්වෙන අයි.සී.සී තරගාවලි සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දියාවට නොපැමිණෙන බව ප්‍රකාශ කළා.

පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් පළමු අවසන් පූර්ව තරගය කොළඹදී පැවැත්වීමට නියමිත අතර, අවසන් මහා තරගයට ද පාකිස්තානය සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද කොළඹදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලිය සදහා ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්තානය තරග වදිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...