මැක්ස්වෙල් එක්දින ජාත්‍යන්තර පිටියට සමු දෙයි

Date:

ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි තමා එලෙස එක්දින පිටියට සමු දෙන බවයි Final Word Podcast සමග අදහස් දක්වමින් මැක්ස්වෙල් සදහන් කළේ.

කෙසේ වෙතත්, ඔහු ඉදිරියටත් විස්සයි 20 ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

නිමා වූ ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් පසුව ස්ටීවන් ස්මිත් ද එක්දින පිටියට සමු දුන් පසුබිමකයි මැක්ස්වෙල් ද මෙලෙස එක්දින ක්‍රිකට් පිටියට සමු දී ඇත්තේ.

මැක්ස්වෙල් මෙතෙක් නිල වශයෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දී නැතත්, ඔහු ටෙස්ට් සංචිතය සදහා යළි නම් කිරීමට ඇත්තේ ඉතා අවම ඉඩකඩක්.

36 හැවිරිදි මැක්ස්වෙල් එක්දින තරග 149 කදී ඔස්ට්‍රේලියාව නියෝජනය කර ඇති අතර, එහිදී ඔහු ලකුණු 3990 ක් රැස් කර තිබෙනවා. ශතක 4ක් හා අර්ධ ශතක 23 ක් ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය වර්ණවත් කළා.

ඇෆ්ඝනිස්තානයට එරෙහිව 2023 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු වාර්තා කළ ලකුණු 201* එක්දින ඉතිහාසයේදී පිතිකරුවෙකු වාර්තා කළ විශිෂ්ඨතම ඉනිම ලෙස ද සැලකෙනවා.

එක්දින ක්‍රිකට් දිවියේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 126.70 ක් ලෙස සටහන්ව ඇති අතර, එය එක්දින ඉතිහාසයේදී පිතිකරුවෙකු වාර්තා කර ඇති දෙවැනි ඉහළම ප්‍රහාරාත්මක වේගයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...