ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත් කරන්නැයි ක්‍රීඩා ඇමතිට නීතිපති උපදෙස්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා නව කළමණාකරණ කමිටුවක් පත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රිඩා අමාත්‍යංශය වෙත නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

ඒ, වත්මන් ක්‍රිකට් ආයතන බළධාරීන්ගේ පරිපාලන කාලය මේ වන විට අවසන්ව ඇති බැවින්.

2019 වසරේ පෙබරවාරි 21 වනදා පැවැති ක්‍රිකට් නිළවරණයේ දී වත්මන් නිළධාරී මණ්ඩලය තේරී පත්වුණේ වසර දෙකක කාලයක් සදහායි.

ඒ අනුව ඔවුන්ගේ ධූර කාලයන් පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන්ව තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්න කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන නිශාන්ත රණතුංග මහතා පසුගිය දෙවනදා ක්‍රීඩා අමාත්‍යරවයා වෙත යොමු කළ ලිපියකින් ඉල්ලා තිබුණේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිළවරණය තෙක් පරිපාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව මැයි 20 වනදා පැවැත්වීමට නියමිත නිළවරණය තෙක් ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වා ගෙන යාම සදහා නව කළමණාකරණ කමිටුවක් පත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ ලබා දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...