බංග්ලාදේශ සුපිරි වේග පන්දු යවන්නාත් ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට නැහැ – IPL යන්නත් අවසර

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රෙහ්මාන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

මෙවර තරගාවලියේ දී ඔහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී රාජස්ථාන් කණ්ඩායම විසින් මුස්ටර්ෆිසුර් රෙහ්මාන්ව මිලදී ගනු ලැබුවේ ඔහුගේ මූලික වටිනාකම වූ ඉන්දීය රුපියල් කෝටියක මුදලටයි.

එළඹෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සදහා ඔහුව තෝරා ගැනීමට එරට තේරීම් කමිටුව ද අවධානය යොමු කර නොතිබීම හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය සදහා සහභාගී වීමට ඔහුට අවසර ලබා දී ඇති බව සදහන්.

“මගේ ප්‍රමුඛතාවය වෙන්නේ මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි. ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට මාව තෝරා ගතහොත්, මම ක්‍රීඩා කරනවා. මාව තෝරා නොගත්තොත් ක්‍රිකට් ආයතනය මට කියනවා මාව ඇතුළත් කර නැති බව. එම අවස්ථාවේ දී මට අයි.පී.එල් ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන්නොත් මම ක්‍රීඩා කරනවා. නමුත් දේශප්‍රේමයට තමයි මම ප්‍රධාන තැනක් දෙන්නේ.” යනුවෙන් මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කියා සිටියා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මහතායි.

මීට පෙර බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ද ශ්‍රී ලංකා සංචාරයට එක් නොවී අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා එරට ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබූ අතර, ඒ සදහා ද එරට ක්‍රිකට් ආයතනය අවසර ලබා දුන්නා.

ALSO READ : රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තීරණ ගැනීමේ බලය සංගාට පවරයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...