කොන්වේ සහ සෝදිගේ විශිෂ්ඨ දස්කම් හමුවේ නවසීලන්තයට පහසු ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 66ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

හැමිල්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 210ක් ලබා ගත්තේ ඩෙවෝන් කොන්වේ සහ විල් යන්ග් වාර්තා කළ සුපිරි ඉනිම් පදනම් කර ගනිමින්.

කොන්වේ පන්දු 52කින් නොදැවී ලකුණු 92ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.

විල් යන්ග් පන්දු 30කින් රැස් කළ ලකුණු 53ට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60කින් වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 105ක්.

මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ෆින් ඇලන් පළමු පන්දුවෙන්ම දැවී ගියා.

පන්දු යැවීමේ දී නසුම් අහ්මඩ් කඩුලු 2ක් සහ මහෙදි හසාන් එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි.

අෆිෆ් හුසේන් ලකුණු 45ක්, මොහොමඩ් සයිෆුදීන් නොදැවී ලකුණූ 34ක් සහ මොහොමඩ් නයීම් ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි ලකුණු 28කට කඩුලු 4ක් බිද හෙලූ අතර, ලුකී ෆර්ගියුසන් ලකුණු 25කට කඩුලු 2ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 30 වනදා නේපියර්හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...