කඩුලු 10ම දවා ගනිමින් පටෙල් ඉතිහාසගත වුණේ මෙහෙමයි

Date:

නවසීලන්ත දග පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් අද(4) නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ටෙස්ට් තරගයක ඉනිමක කඩුලු 10ම දවා ගත් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙමින්.

ඉන්දියාව සමග මුම්බායිහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී අජාස් පටෙල් මෙම වාර්තාව පිහිටුවීමට සමත් වුණා.

මෙම තරගයේ දී ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 10ම දවා ගැනීමට පටෙල් සමත් වුණේ පන්දුවාර 47.5කදී ලකුණු 119ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

නවසීලන්තය වෙනුවෙන් ඉනිමක කඩුලු 10ම දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

එමෙන්ම සිය රටින් පිටත පැවැති ටෙස්ට් තරගයකදී එම දක්ෂතාවය දැක් වූ ලොව පළමු පන්දු යවන්නා වන්නේ ද අජාස් පටෙල්.

මීට පෙර ටෙස්ට් ඉනිමක කඩුලු 10ම දවා ගත් පන්දු යවන්නන් වූයේ එංගලන්තයේ ජිම් ලේකර් හා ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ.

ඔවුන් දෙදෙනා විසින් පිළිවෙලින් 1956 හා 1999 වසරවලදීයි එම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

මේ අතර, ඉන්දීය ඉනිමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු නොලබා පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, එම අවස්ථාව බොහෝ දෙනෙකුගේ අවධානයට ද යොමු වුණා.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අශ්වින් දැවී ගිය නමුත්, ඒ පිළිබද එක්වරම නිසි පරිදි අවබෝධ කර නොගත් අශ්වින් විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (Review) යොදා ගනිමින් එම දැවී යාම අභියෝගයට ලක් කිරීමට උත්සාහ කිරීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...