ෆෆ් ඩු ප්ලෙසිස් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකාවට පැමිණෙන හා දකුණු අප්‍රිකාවෙන් පිටත්ව යන බොහෝ ගුවන් ගමන් ද අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරමින් ෆෆ් ඩු ප්ලෙසිස් විසින් නිවේදනයක් ද නිකුත් කළා. (නිවේදනය පහතින්)

එල්.පී.එල් තරගාවලිය හෙට(5) කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...