නවසීලන්තය 62කට සීමා වෙයි ; ඉන්දියාව ලකුණු 332ක් ඉදිරියෙන්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර මුම්බායි හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(4) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 69ක් ලබා සිටියා.

මයාන්ක් අගාර්වල් ලකුණු 38ක් හා චෙටස්වර් පුජාරා ලකුණු 29ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පුජාරා ඉන්දීය දෙවැනි ඉනිම ආරම්භ කළේ නිත්‍ය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් පන්දු රකිමින් සිටියදී පන්දුවක් අතේ වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන්.

අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 221ක් ලබා සිටි අතර, ඔවුන්ගේ ඉනිම ලකුණු 325කට සීමා කිරීමට නවසීලන්තය සමත් වුණා.

අජාස් පටෙල් විසින් ඉන්දීය ඉනිමේ සියලු කඩුලු දවා ගනිමින් ඉතිහාසගත වුණේ ටෙස්ට් ඉනිමක කඩුලු 10ම දවා ගත් ලොව තෙවැනි පන්දු යවන්නා ලෙසයි. ALSO READ : කඩුලු 10ම දවා ගනිමින් පටෙල් ඉතිහාසගත වුණේ මෙහෙමයි

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මයාන්ක් අගාර්වල් ලකුණු 150ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 17ක් සමගින්.

අක්සාර් පටෙල් ලකුණු 52ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 62ක් පමණයි.

එය ඉන්දියාවට එරෙහිව නවසීලන්ත කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

ක්යිල් ජමීසන් ලකුණු 17ක් ද, ටොම් ලේතම් ලකුණු 10ක් ද රැස් කළ අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 8කට කඩුලු 4ක් හා මොහොමඩ් සිරාජ් ලකුණු 19කට කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 332ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...