ඕමානය 42 කට දවා ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් පූර්ව වටයට

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ, තරගාවලියේ 10 වැනි තරගයෙන් ඕමාන A කණ්ඩායම පරදා ලකුණු 217 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් ලබා ගත්තා.

පසිදු සූරියබණ්ඩාර ලකුණු 60 ක්, සහන් ආරච්චිගේ ලකුණු 48 ක් හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 43 ක් රැස් කළා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 25 කට දැවී ගියා. චාමික කරුණාරත්න ලකුණු 20 යි. නායක දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 21 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Aqib Ilyas ලකුණු 58 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන A කණ්ඩායම පන්දුවාර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 42 ක් පමණයි.

Kashyap Prajapati ලකුණු 18 ක් හා Suraj Kumar ලකුණු 10 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 3කට කඩුලු 3ක් දවා ගත් අතර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන් හා ලහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිද හෙලුවා. සහන් ආරච්චිගේ එක් කඩුල්ලක් බිද හෙලීමට ද සමත් වුණා.

ඒ අනුව මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනෙන් තරග 2ක් ජය ගත් ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් අතර, බංග්ලාදේශ A කණ්ඩායම දෙවැනි ස්ථානය දිනා ගත්තා.

තෙවැනි ස්ථානයට පත් වූ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.

මෙම කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා ගත්ත ද, ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුවයි ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය පළමු ස්ථාන දෙක හිමි කර ගත්තේ.

තරගාවලියේ 9 වැනි තරගය ද අද පැවැති අතර, එම තරගයෙන් ඇෆ්ඝනිස්තානය (287/8) පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය (308/7) සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...