ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද(18) දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ක්‍රීඩකයා බවට පත් වුණේ පාකිස්තානයේ සවුද් ශකීල්.
ඒ, ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමක පාකිස්තාන පළමු ඉනිම ලකුණු 461 ක් දක්වා රැගෙන යාමට ඔහු ක්‍රීඩා කළ සුපිරි ඉනිම හේතුවෙන්.
සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබා ගත්තේ පන්දු 361 කට මුහුණ දෙමින්. ශකීල්ගේ ඉනිමට හතරේ පහර 19 ක් ඇතුළත්.
අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටියා.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්.
අද දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් සිදු වීමක් දක්නට ලැබුණා.
ඒ, පාකිස්තාන ඉනිමේ 120 වැනි පන්දුවාරයේ දී රමේෂ් මෙන්ඩිස් යොමු කළ පන්දුවකින් පසුව පිතිකරණයේ නිරතව සිටි අබ්රාර් අහ්මඩ් හා සධීර සමරවික්‍රම අතරයි.
එහි දර්ශන කිහිපයක් පහතින් –
https://twitter.com/MuhammadTa25198/status/1681280826992996359
https://twitter.com/babarazamking_/status/1681283196393242624

